ලෝක ළමා දින උළෙල
2020 ඔක්තෝම්බර් 01 දින'සිනහ දකින අපේ ලොවක්'යන තේමාව යටතේ මාර/ඊරියතොට මහ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා සහ ආදරණීය්ස් ගුරු මෑණිවරුන්ගේ හා ගුරු පියවරුන්ගේ සංවිධානයෙන් පාසලේ දරු දැරියන් ඇගයීමට ලක්කරමින් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
මෙහි දී පාසලේ සිසු දරුවන්ගේ වීනෝදාස්වාදය උදෙසා ක්‍රීඩා තරග රැසක් සංවිධානය කර තිබූ අතර සෑම දරුවෙක් ම දරුවෙක්ම ඉතා උනන්දුවෙන් තරග ඉසවු සදහා සහභාගී වූහ.තරගාවලියෙන් පසු පාසලේ සියලුම සිසු සිසුවියන් සදහා ත්යාගයකන් ප්රදානය කිරීමට ද ගුරු මෑණිවරු හා පියවරු කටයුතු කළහ.මෙම ලෝක ළමා දින උළෙලේ තවත් විශේෂ අවස්ථාවක් වූයේ පාසලේ සිසුන් වෙනුවෙන් සකසා තිබූ සිතුවම් පුවරුවේ සියලුම සිසුන් වර්ණවත් සිතුවම් ඇදීමයී. මෙය සිසුන්ට නව අත්දැකීමක් විය.ඉන් පසු ගුරුවරුන් දරුදැරියන් වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවය උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වූයේ සිසු සිසුවියන් සැමට සතුට ගෙනෙමිනි.පාසලේ ගුරු මෑණිවරුන්ගේ හා ගුරු පියවරුන්ගේ විවිධ වූ විශේෂාංග හේතුවෙන් ලෝක ළමා දින උළෙල වර්ණවත් විය. අප පාසලේ සිසුන් මෙදිමන සතුට,විනෝදටය,නව අත්දැකීම්,මෙන් ම දරුවෙකු වශයෙන් තමා සතු යුතුකම් මෙන් ම වගකීම් පිළිබද දැණුමක් ලබා ගත්හ.ගරු විදුහල්පතිතුමා සහ ගුරුවරුන්ගේ මහගු කැපවීම නිසා පාසලේ දරුවන්ට ඉතා උත්කර්ෂවත් ළමා උලෙළක මිහිර ලබා දීමට ඔවුන්ට හැකි විය.
පාසලේ සිසු සිසුවියන්ගේ මතක පිටු තුළ 2022 ලෝක ළමා දිනය සැමරුම පිළිබද කිසිදා නොමියෙන සිතුවමක් පින්තාරු කිරීමට අප පාසලේ ආදරණීය ගුරුවරුන්ට හැකි විය.
