දස දිග සුපතල නම් දැරු පූජිත
ඊරියතොට විදුහල් මෑණි
ඔබෙ නම සිහි කර තුති ගී ගයනෙමු
අභි නන්දන සරණි........//
සිප් සත අහර කවා ඔවදන් අමා පොවා
ගුණ මිණි බරණින් අප හැම සරසා
නිති සුමගට යොදවා.......//
සිසු දරුවන් තුල විදු නැණ විරු ගති
රැදුමට නිරතුරු වෙහෙසෙන්නේ
ඔබෙ දරුවෝ අපි ඔබ අපි මෑණී
එකට බැදී වෙසෙමු.......//
සිසිලස නිතර පෙරූ කදුගැට අතර දිනු
සොබා දහම් දිනිතියගෙහි ඇකයෙහි
ඔබ නිරතුරු සැරදේ.........//
දස දිග සුපතල නම් දැරු පූජිත
ඊරියතොට විදුහල් මෑණී
ඔබෙ නම සිහි කර තුති ගී ගයනෙමු
අභි නන්දන සරණී.......//