![]() |
![]() |
![]() |
![]() |
මාර/ඊරියතොට මහා විද්‍යාලයේ නිර්මාතෘ හා විදුහල්පති එස්.ඩබ්.දිසානායක මහතා වන අතර ප්‍රථම ගොඩනැගිල්ල ඉදි කරන ලද්දේ වගච්චිගේ වත්තේ ඩි.ඒ.එස්.යාපා වෙල්විදාන මහාතා විසිනි. මෙකල්හි මෙම ඉඩම හා අංක 2 දරන පාසල් ගොඩනැගිල්ල ඉදි කර පරිත්‍යාග කරන ලද්දේ ඩි.ටි.එස් වෙල්ලප්පිලි මහාතාය. මේ අතර වයි.ඒ.එස් යාපා මහත්මිය තවත් ඉඩම් කොටසක් පරිත්‍යාග කරන ලදි. ඩී.පී සුගුණදාස මහතා අප විදුහලට ගොඩනැගිල්ලක් පරිත්‍යාග කළ අතරම දරු දැරියන්ගේ අවශ්‍යතාවය සදහා ජල සම්පාදන කටයුතු සදහා අත හිත දී ඇත්තේ මහින්ද විජේසේකර මහාතා විසිනි. අප පාසලට පළමු ළමා උයන කේ.කේ .ධර්මදාස මැතිතුමා විසිනි. දෙවන ළමා උයන ,පුස්තකාල පොත් ,ක්‍රීඩා භාණ්ඩ හා චාරිකා ආධාර ආදියට තිස්ස පදනමේ අනිල්ද සිල්වා මැතිතුමා හා වැලිගම සංවර්ධන සමුළුවේ සභාපති කේ.සුමතිපාල මැතිතුමාගේ මූලිකත්වයෙන් අප පාසලට ලැබී ඇත.



