විදුහල්පති පණිවිඩය
ඊරියතොට මහා විද්‍යාලය

“විශිෂ්ටයින් බිහි කරන පාසල් අතර පෙරට” දැක්ම කරගත් මාර ඊරියතොට මහා විද්‍යාලය අඩු පහසුකම් සහිත ග්‍රාමීය පාසලක් වන අතර අප පාසල දැනුම කුසලතා ආකල්ප වලින් හෙබි නව ලොවට අවැසි නිර්මාණශීලී දරු පිරිසක් බිහි කිරීම විද්‍යාලයේ ප්‍රධාන අපේක්ෂාව වේ.
දම්වැලක පුරුක් මෙන් යෙදී සිටින ගුරු සිසු දෙමාපිය ආදි ශිෂ්‍ය ආදී සියලු දෙනාටම තොරතුරු දැන ගැනීමට මෙන්ම නව ලොවට ජය මං තනා ගනිමින් පාසලට අනන්‍ය වූ සංස්කෘතියක් ගොඩ නගමින් උගත්කම දක්ෂතාව වැඩිදියුණු කරගනිමින් නව නිර්මාණශීලී අදහස් වැඩි දියුණු කරගනිමින් නව තාක්ෂණය ජයගැනීමට වෙබ් අඩවිය හරහා හැකිවේ යැයි විශ්වාස කරමි.
මෙ සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින සාර්ථක වේවා යි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති,
ආර්.ඒ. චන්ද්‍රසිරි
ඊරියතොට මහා විද්‍යාලය
ඊරියතොට,කඹුරුපිටිය.