අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

දක්ෂීණ ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය නගරයේ ඊරියතොට ගම් පියසේ පිහිටි සෞභාග්‍යයෙන් සෞන්දර්යයෙන් අනූන අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රටට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. c.w.w. කන්නන්ගර මැතිදුන්ගේ සුරතින් විවෘත කරන ලද කීර්තිමත් පාසලකි.




