ඊරියතොට ගම් පියසේ පිහිටා ඇති මෙම විද්‍යාලීය ඉඩම 'බිරිගෙවත්ත' නමින් හැදින්වේ. අක්කර 2ක පමණ විශාලත්වයෙන් යුක්ත බිම් ප්‍රදේශයකි. 1941.11.17 දින අධ්‍යාපන අමාත්‍ය සී.ඩබ්.ඩබ්. කන්නංගර මැතිතුමා විසින් රජයට පවරා ඇත. මුල්ම ගොඩනැගිල්ල තනාදී ඇත්තේ නාරන්දෙනිය වගා වත්තේ විසු ඩී.ඒ.එස් යාපා වෙලේ විදාන මහාතාය. ප්‍රථම විදුහල්පති ජේ.වන්නිආරච්චි මහාතාය. මේ දක්වා විදුහල්පතිවරුන් 17 දෙනෙකු සේවය කර ඇත. ගුරු මණ්ඩලය 3 දෙනෙකුගෙන් හා සිසුන් 53 දෙනෙකුගෙන් ආරම්භ විය.
වර්තමානයෙ වර්තමාන විදුහල්පති ආර්.ඒ. චන්ද්‍රසිරි මහතාය. ඇදුරු මණ්ඩලය 22 කි. අනධ්‍යන කාර්යය මණ්ඩලය 09 කි. ශිෂ්‍ය සංඛ්‍යාව 265 කි. 1 සිට ශ්‍රේණියේ 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන ගොඩනැගිලි 04 කි.
2012 වර්ෂයේ මුලටියන කලාපයේ හොදම විද්‍යාගාරය ලෙසින් රන් සම්මන දිනු විද්‍යාගාරයක් ඇත.ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකයක් ක්‍රියාකාරකම් ඒකකයක්, ගුරු විවේකාගාරයක්, සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකයක්, පරිගණක ඒකකයක්, ගෘහ විද්‍යා ඒකකයක් සහ පුස්තකාලයක් ඇත. ක්‍රීඩා කටයුතු සදහා භූමියක් ඇත. ආරක්ෂිත දැල් වැටකින් ආවරණය වී ඇත. බටහිර තූර්යය වාදන කණ්ඩායමක් ඇත.
|
ආරම්භ කළ වර්ෂය |
1945.11.17 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
3 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
53 |
|
මුල් ගුරුතුමාගේ නම |
එම්. ඒ. ජයසේන මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවිඩ් ගුණවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මාර/ඊරියතොට මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1945.11.17 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
කඹුරුපිටිය ප්‍රදේශයේ ඊරියතොට ගම්පියසේ |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඕ.එල්.විමලපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1945.11.17 දින |
{QF3=5}