2022 ඔක්තෝම්බර් 06 වන දින මාර/ ඊරියතොතට මහ විද්‍යාලයේ සිසු දරුවන්ගේ සංවිධානයෙන් ලෝක ගුරු දින සැමරුම ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත් වනු ලබුවේ පාසලේ සියලුම ගුරුහවතුන්ට හද පිරි තුති පුද දීමට ය.පාසලේ සිසු නියමු මණ්ඩලයේ මනා මග පෙන්වීම යටතේ සියලුම සිසුන් එකම මවකගේ දරුවන් මෙන් ඉතා සහයෝගයෙන් ක්‍රියා කරනුයේ හද තුල උතුරනා ගුරු බැති පෙම පෙරදැරි කරගෙනය.
මෙදින උදෑසන සිටම පාසල වෙත පියනගන සියලුම ගුරුභවතුන් සදහා ඉතා ගෞරවයෙන් යුතුව මල් කලබක් පිරිනමා ඔවුන්ව පාසල වෙත පිළිගැනීම සිදු කෙරුනි.පාසලේ දරුවන්ගේ විවිධ වූ විශේෂාංග වලින් මෙම උත්සවය වර්ණවත් වූ අතර මෙමෙ විශේෂාංග අතර ගුරු උපහාර කතා,විරිදු,සින්දු,අලංකාර නර්තනයන් ද ගුරු උපහාර නාට්‍යක්ද ඒ අතර විය.මෙමෙ වර්ණවත් උත්සවයේ ගුරු වන්දනාව විශේෂ තැනක් හිමි කර ගත්තේ ය.එමෙන් ම පාසලේ සියලු ම ගුරු භවතුන් සදහා උපහාර තිලිණ පිරිනැමීම ද මෙම අවස්ථාවේ සිදු කරනුයේ උත්සවයේ සැබෑ අරුත පසක් කරමිනි.
අප පාසලේ ගුරුභවතුන්ගේ හද තුළ සොදුරු මතකයක් සිත්තම් කරන්නට පාසලේ සිසු දරුවන්ට හැකියාව ලැබීම මහත් භාග්‍යකි.මෙම උපහාර උත්සවය පුරාවට ම ගැබ්ව තිබුණේ ගුරුවරුන්ගේ අසීමිත වූ වටිනාකමයි.අප පාසලේ සියලු ම ගුරුවරුන්ගේ එකම අභිප්‍රාය නම් අප හොදින් ඉගෙනීම් කටයුතු කොට රට තුල යහපත් පුරවසියෙකු වීම බව ඔවුන් මෙදින අපට කියා පෑහ.
කුස තුළ නොදැරුවත් හද තුළ දරා ගෙන
මගෙ දරුවනේ කියමින් හිත නිවාලන
ඇස් අධ ලෝකයට ඇස් දී දයාවෙන පින් පුරනවද මතු බුදු වන විලාසෙන
