නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ඊරියතොට මහා විද්‍යාලය

අනාගත අභියෝග ජය ගනිමින් ලොව දිනන්නට හැකි දරු පරපුරක් බිහිකරන අරමුණ පෙරටු කරගෙන සහජ කුසලතා ඉස්මතු කරමින් නවමාණයකින් යුතුව සහෝදරත්වය එකමුතුකම සහයෝගය සපිරි විශිෂ්ට පරපුරක් සමාජයට දායාද කරමි.
නවීන තාක්ෂණය ලොව ජයගෙන ඇති වකවානූවක එකිනෙකා මුණ නොගැසුනත් අන්නෝන්‍ය වශයෙන් සම්බන්ධතා පවත්වන බව නොරහසකි. පුවත් පත, ගුවන්විදුලිය, රූපවාහිනිය පරයා ජයගත් අන්තර්ජාලය ඔස්සේ සැනින් තොරතුරු පැතිර යයි. විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ කුසලතා වර්ධනය වීමටත්, විද්‍යාලයට ආදරය කරන ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා පාසල් ප්‍රජාව වෙත තොරතුරු සපයන මාධ්‍යයක් ලෙසත් මෙම වෙබ් අඩවිය කටයුතු කරණු ඇතැයි සිතමි.
විද්‍යාලය තුල මතුවන්නාවූ නැවුම් උණුසුම් තොරතුරු හා ජයග්‍රහණ අන්තර්ජාලයට මුදා හැරීමට මෙම වෙබ් අඩවිය මහත් පිටුවහලක් වනු ඇත.
එල් . ඒ . ස්වර්ණලතා
නියෝජ්‍ය විදුහල්පති
මාර/ ඊරියතොට මහා විද්‍යාලය
කඹුරුපිටිය.