සිංහල සාහිත්‍ය සමිතිය

 

මාර/ඊරියතොට මහා විද්‍යාලයේ සිසු දරුවන්ගේ සිංහල සාහිත්‍ය දැණුම හා සැගවුණූ කුසලතා ඔපනන්වාලීම සදහා අප පාසලේ ගරු විදුහල්පතිතුමා,ආචාර්යය මණ්ඩලයේ ආදරණීය ගුරුමෑනණිවරු,ගුරුපියවරු හා පාසලේ සිසු සිසුවියමන්ගේ මූලිකත්වයෙන් 2022 නොවැම්බර් මස 24 වන දින අප පාසලේ සිංහල සාහිත්‍ය සමිතියේ ආරම්භය සනිටුහන් විය.පාසලේ දරු දැරුවන්ට තමා තුළ සැගවුනු දස්කම් විදහා පෑමටත්,තමා සතු දස්කම් ඔපනන්වා ගැනීමටත්,නව අත්දැකීම් ලබා ගැනීමටත්,සාහිත්‍ය රසය විද ගැනීමටත් මෙය වටිනා අවස්ථාවකි.පන්ති කාමරයට ම පමණක් කොටුනොවී මෙවන් වූ විෂය සමගාමී ක්‍රියාකාරකමක නිරත වීම පාසල් සිසුන්ට මනා සතුටක් ගෙන දෙන්නකි.අප පාසලේ සාහිත්‍ය සමිතියේ සෑම සමිති වාරයක්ම විවිධ වූ විෂේශාංග වලින් අලංකාර වෙයි. මෙම විෂේශාංග අතර රසවත් වූත් හරවත් වූත් නාට්‍ය,කවි,කතා,ගී,විරිදු,අභිරූපන රංගන,ප්‍රශ්න විචාරාත්මක වට හා වාද විවිවාද ද වෙයි.සෑම දරුවෙකුටම ඉතා වටිනා අවස්ථාවක් වන මෙය පාසලේ සියලුම දරුදැරියන්ගේ එකමුතු බවෙහි සකංකේතයක් ද වේ.ෙඅප පාසල් සාහිත්‍ය සමිතිය ආදරණීය ගුරුමෑණිවරුන්ගේ හා ගුරු පියවරුනගේ මග පෙන්වීම යටතේ හා පාසලේ සිසුන්ගේ උත්සාහය පෙරදැරි කොටගෙන සෑම මසකට වරක්ම ඉතා සාර්ථකව පැවත්වේ.

සාමාජිකයන්= 6-13 සිසු සිසුවියන්

පාසල් සාහිතය සමිතිය භාරව කටයුතු කරන ගුරුවරු= 


පාසල් සාහිත්‍ය සමිතියේ කාර්යය මණ්ඩලය
සභාපති = 10 ශ්‍රේණියේ ජී.එම්.විශ්මා සුරලි
ලේකම් = 9 ශ්‍රේණියේ සචිනි මධුසෂිකා
උප ලේකම් = 9 ශ්‍රේණියේ වී.පී. පෙසාන් සිරිවංශ
උප සභාපති = 11 ශ්‍රේණියේ අවිශ්ක සදරු
භාණ්ඩාගාරික = 9 ශ්‍රේණියේ නිසල් හිංගට්