බෞද්ධ සමිතිය

අප පාසලේ සිසු සිසුවියන්ගේ හද තුල සිය ආගම පිළිබද උදාරවූ හැගීම් ඔපනන්වාලීමටත්, සිය හැකියා වැඩිදියුණු කර ගැනීමටත්, නව අත්දකීම් ලබා ගැනීමට මහගු අවස්ථාවක් අප පාසලේ සිසු දරුදැරියන්ට උදා කරමින් 2022 ඔක්තෝම්බර් මස 20 බ්‍රහස්පතින්දා මාර/ඊරියතොට මහ විද්‍යාලයේ ප්‍රථම බෞද්ධ සමිතියේ ආරම්භය සනිටුහන් විය.එදා සිට අද දක්වාම පාසල් බෞද්ධ සමිතිය අප පාසලට සපයන්නේ මහගු සේවයකි.
සෑම මසකට වරක්ම පාසල තුල බෞද්ධ සමිතිය පැවැට්වෙන්නේ රසවත් වූත් හරවත් වූත් විවිධ වූ විශේෂාංග පිරිවරාගෙන ය.මෙමෙ විශේසෂාංග අතර නාට්‍ය,කතා,කවි,ගී,විරිදු,මෙන්න ප්‍රශ්න්ස් විචාරාත්මක වටද ප්‍රධාන තැනක් හිමි කර ගනී. දරුවන්ගේ දැණූම පමණක් නොව විවිධ වූ යහපත් ක්‍රියාකරකම් වල පාසලේ සිසු සිසුවියන් නිරත කරවීම අප පාසලේ බෞද්ධ සමිතියේ විශේෂත්ව යයි.මීට උදාහරණ ලෙස පාසලේ වාර්ෂික පිරිත් දේශනාව සංවිධානය,පෙර පෝදා වැඩසටහන පැවැත්වීම , බුදු මැදුර අසල වැඩ කටයුතු සිදු කිරීම මෙන්ම සති පාසල වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවැසි සහය ලබා දීම ආදිය දැක්විය හැකිය.පාසලේ ආදරණීය ගුරු මෑණිවරුන්ගේ හා පියවරුන්ගේ අනගි මග පෙන්වීම පාසල් බෞද්ධ සමිතියේ වැඩකටයුතු සාර්ථකව සිදු කිරීමට මහගු ශක්තියක් වී ඇත.

පාසල් බෞද්ධ සමිතියේ සමාජිකයෝ =6 -13 සිසු සිසුවියන්
පාසල් බෞද්ධ සමිතිය භාරව කටයුතු කරන ගුරුවරු= නදීකා ප්‍රියදර්ශනී මිය

පාසලේ බෞද්ධ සමිතියේ තනතුරු
සභාපති = 9 ශ්‍රේණියේ ජී.රවිශ්ක ලක්ෂාන්
ලේකම් = 9 ශ්‍රේණියේ ඩී.එච්.එච්.දිල්මි දේවින්දි
භාණ්ඩාගාරික =11 ශ්‍රේණියේ සසිදු ප්‍රමෝද්